ලෝකයේම සල්ලිකාරයෝ ටික එකට මුණ ගැහෙන රජ මඟුල

ඉන්දියාව පමණක් නොව මුළු ලෝකෙම කතාබහට ලක්වන රජ මඟුලක් මාර්තු මාසයේදී ඉන්දියාවේ ගුජරාටි නගරයේදී පැවැත්වීමට නියමිතව ඇත. ඒ රකෝටිපති මුකේෂ් අම්බානිගෙ බාළ පුත් අනන්ත් අම්බානිගේ විවාහ මංගල්‍යයයි. ඔහුගේ අතගනු ලබන්නේ 29 වැනි වියෙහි පසුවන සුරූපි රාධිකා මාර්චන්ටය.
ඉන්දීය මාධ්‍ය වාර්තාවන්ට අනුව මෙම යුවළගේ විවාහ මංගල උත්සවය මාර්තු මාසයේ මුල් සතියේ සිවු දිනක් පුරා ගුජරාටයේ ජම්නගර් හිදී පැවැත්වීමට නියමිතව ඇත. උත්සවය සාම්ප්‍රදායික ස්වරූපයක් ගන්නා නමුත්, අති උත්කර්ෂවත් අන්දමින් එය පැවැත්වීමට අම්බානි පවුල මේ වනවිටත් සැළසුම් කර තිබෙන බව වාර්තා වෙයි.
ව්‍යාපාරික පවුල් දෙකක් අතරේ පැවැත්වෙන නිසාම මෙම විවාහ උත්සවය කෙරෙහි මේ වනවිටත් දෙස් විදෙස් මාධ්‍යය අවධානය වැඩිපුර යොමුකර ඇති බව වාර්තා වෙයි. ලැබෙන තොරතුරුවලට අනුව මෙම විවාහයට එක්වීමට දැනටමත් ලෝකයේ සුප්‍රසිද්ධ පුද්ගලයින්ට අම්බානි පවුල ආරාධනා කර ඇත. ඒ අතර, මෙටා ප්‍රධාන විධායක එහෙමත් නැත්නම් ෆේස්බුක් හා ඉන්ස්ටර්ග්‍රැම් නිර්මාතෘ මාර්ක් සකර්බර්ගේද සිටිම විශේෂත්වයකි.
ඔහුට අමතරව මෝගන් ස්ටැන්ලි ප්‍රධාන විධායක නිලධාරී ටෙඩ් පික්, මයික්‍රොසොෆ්ට් නිර්මාතෘ බිල් ගේට්ස්, ඩිස්නි ප්‍රධාන විධායක බොබ් ඉගර්, බ්ලැක්රොක් ප්‍රධාන විධායක නිලධාරී ලැරී ෆින්ක්, ඇඩ්නොක් ප්‍රධාන විධායක නිලධාරී සුල්තාන් අහමඩ් අල් ජබර්, බ්ලැක්ස්ටෝන් සභාපති ස්ටීවන් ෂ්වාස්මන්, කටාර් අග්‍රාමත්‍ය මොහොමඩ් බින් අබ්දුර්රහමන්, හිල්හවුස් කැපිටල් නිර්මාතෘ ෂැං ලී, ඇඩොබ් ප්‍රධාන විධායක සාන්තානු නාරයන් මීට සහභාගි වෙන ධනකුවෙරයන් අතරින් අතළොස්සකි.
බොලිවුඩයේ සුපිරි තරු වූ ෂාරුක්, සල්මාන්, අමිර්, රිතික්, රන්බිර්, ආක්ෂේ, රන්විර් මෙන්ම දිපීකා, ආලියා, කත්රිනා, කාජල්, ප්‍රියංකා, මාධුරි ඇතුළු බොලිවුයේ සියළුම නළුනිළියන් මෙන්ම කොලිවුඩ්, මලයාලම්, තෙළිඟු සිනමාවේ සුපිරි නළුනිළියන්ද මීට සහභාගි වන බව දැනටමත් ස්ථිර කර තිබේ. එමෙන්ම ලෝ ප්‍රකට ක්‍රිකට් ක්‍රීඩකයින් වූ සචින්, කෝලි, ලාරා, පොන්ටින්, මහේල ඇතුළු ඉන්දීය ප්‍රිමියර් ලීග් තරග පිටියේදී මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම නියෝජනය කළ සියලු දෙස් විදෙස් ක්‍රීඩකයින්ට මෙම විවාහ මංගල්‍යය සඳහා ආරාධනා ලැබි ඇති බවට තොරතුරු ලැබේ.