පිහි ඇනුමට ලක්වූ සයිෆ්ගේ තත්ත්වය බරපතලද?

ජනවාරි 16 වැනිදා පාන්දර තුනට පමණ අනවසරයෙන් නිවසට ඇතුළු වූ පුද්ගලයෙක් විසින් කළ පිහි ඇනුමකින් තුවාල ලද බොලිවුඩ් නළු සයිෆ් අලි ඛාන් මේ වන විට ක්‍රමයෙන් සුවය ලබමින් සිටින බව සඳහන් වෙයි. කෙසේ වෙතත්, සයිෆ් ප්‍රතිකාර ලබන මුම්බායි හි ලීලාවති පෞද්ගලික රෝහලේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරිවරයා මාධ්‍යයට පවසා ඇත්තේ, පිහි ඇනුමින් සයිෆ් හට තුවාල හයක් සිදුව ඇති බවත්, ඉන් දෙකක් තරමක ගැඹුරු ඒවා වන බවත් ය. එම තුවාලවලින් එකක් කොඳු ඇට පෙළට ආසන්න බවත් සඳහන්. එය තරමක් බරපතල එකක්ද බවද සඳහන් කර ඇත.
මෙම පිහි ඇනුම, සයිෆ් හා කරීනා යුවළගේ නිවසේ සොරකමක් කිරීමට ගත් උත්සාහයකදී සිදු වූවක් බව සඳහන් වන අතර, පිහි ඇනුමෙන් තුවාල ලද සයිෆ්, ශල්‍යකර්මයකට බඳුන්ව ප්‍රතිකාර ලබමින් පසුවන බවත් පවුලේ අනෙක් අය හොඳින් පසුවන බවත් ඛාන් හා කපූර්වල ඔවුන්ගේ පවුල්වල සමිපතමයි පවසා ඇත. අනවසරයෙන් ඇතුළු වූ පුද්ගලයා අතර ගැටුමක් ඇති ව ඇති අතර, එම පුද්ගලයා සයිෆ් අලි ඛාන්ට කිහිප වතාවක් පිහියෙන් ඇන අපරාධ ස්ථානයෙන් පළා ගොස් ඇති බව මූලික පරීක්ෂණවලින් අනාවරණය වී ඇත. එමෙන්ම සයිෆ්ගේ නිවසේ සිටි සේවිකාවකට ද අදාළ පුද්ගලයා පහර දී ඇති බවත් එම සේවිකාව ද ප්‍රතිකාර ලබමින් සිටින බවත් සඳහන්.